Update : බොරු සාක්ෂි දුන් බව විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු පිළිගනී

Friday, 04 September 2015 - 19:36

Update+%3A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට සාධාරණ හේතු ඇතොත් මේ මස 17 වන දා ඊට අදාළව කරුණු දක්වන්නැයි  බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරට ඊයේ නියෝග කළා. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙසයි ඔහු කටයුතු කරන්නේ. තමන් බොරු සාක්ෂි ලබාදුන් බව ඔහු ඊයේ පිළිගෙන කොමිසම හමුවේ පිළිගෙන තිබෙනවා.          

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම, ඊයේ දිනයේත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගෙන් සාක්ෂි විමසීම සිදුකළේ රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය 6ක කාලයක් සාක්ෂි සටහන් කරගෙන තිබු අතර යළි මේ මස 17 සහ 18 යන දිනවල ඔහු කොමිසම හමුවට කැදවා තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට රක්නා ලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙකු  යොදා ගැනීම මීට අදාළ පැමිණිල්ලේ පළමු චෝදනාවයි. එම සේවකයන් 500 දෙනාගේ පුරප්පාඩුවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 දෙනෙකු බඳවාගෙන එම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් වෙනුවට වෙනත් නිල ඇඳුමක් එම නිලධාරීන්ට ලබාදීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුළියට ලබාදීම පැමිණිල්ලේ අනෙක් චෝදනා වනවා.

Update : Saturday, 05 September 2015 - 07:50

-----------------------------------------------------------

අදත් පැය 6ක් සාක්ෂි දුන් ගෝඨා 17 සහ 18 යළි කැදවයි

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගෙන් සාක්ෂි විමසීම අදත් සිදුකළා. ඔවුන් ඊයේ (03) දිනයේදීත් කොමිසම හමුවේ පෙනී සිටි අතර, රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා තිබුණේ. ඒ අනුව ඔහුගෙන් අද දිනයේත් පැය 6ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගෙන තිබුණා.

පසුගිය 24 වනදාද ගෝඨාභය රාජපක්ෂ කොමිසම හමුවට පැමිණි අතර, එහිදී ඔහුගෙන් පැය 06ක් සාක්ෂි සටහන් කර ගැනීම විශේෂත්වයක්. යළි මේ මස 17 සහ 18 යන දිනවල ඔහු කොමිසම හමුවට කැදවා තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට රක්නා ලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙකු  යොදා ගැනීම මීට අදාළ පැමිණිල්ලේ පළමු චෝදනාවයි. එම සේවකයන් 500 දෙනාගේ පුරප්පාඩුවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 දෙනෙකු බඳවාගෙන එම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් වෙනුවට වෙනත් නිල ඇඳුමක් එම නිලධාරීන්ට ලබාදීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුළියට ලබාදීම පැමිණිල්ලේ අනෙක් චෝදනා වනවා.