11ක් නිදහස් පක්ෂයෙන් - 31ක් එජාපයෙන් - පරාද වූ එස්.බී. ට සහ මහින්ද සමරසිංහටත් ඇමතිකම්

Friday, 04 September 2015 - 20:46

11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+31%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%96+++%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
අද (04) දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය සහ ඔවුන්ට අයත් අමාත්‍යාංශවල වෙනස්කම් රැසක් දක්නට ලැබෙනවා. ඒ අනුව දින 100 ආණ්ඩුවේ නොතිබූ අමාත්‍යාංශ 9ක් අලූතින් පිහිටුවා තිබීම විශේෂත්වයක්.

ප්‍රාථමික කර්මාන්ත, ජාතික සංවාද, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම්, දක්ෂිණ සංවර්ධන, මහනගර සහ බස්නාහිර සංවර්ධන, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු, තිරසාර සංවර්ධනය හා වනජීවි, තාක්ෂණ - තාක්ෂණ අධ්‍යාපන හා රැකියා සහ සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන එලෙස අලූතින් සකස් කර ඇති අමාත්‍යාංශ වනවා.

එසේම ප්‍රදේශ මුල් කර ගනිමින් අමාත්‍යාංශ කිහිපයක් බිහි කර තිබීම ද මෙවර අමාත්‍ය මණ්ඩලයේ තවත් විශේෂත්වයක්.

පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකුට ද මෙවර කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේටයි.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස හෙතෙම දිවුරුම් දුන්නා.

පසුගිය පාර්ලිමේන්තුවේ නොසිටි එහෙත් මෙවර පාර්ලිමේන්තුවට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ 3 දෙනෙකුට ද කැබිනට් අමාත්‍ය ධුර හිමි වුණා.

01 තිලක් මාරපන - නීතිය හා සාමය, බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

02 සාගල රත්නායක - දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

03 වජිර අබේවර්ධන - ස්වදේශ කටයුතු අමාත්‍ය

පළාත් මහඇමති ධුරයන් හි සිට මෙවර පාර්ලිමේන්තුවට යළි තේරී පත්වූ හරීන් ප්‍රනාන්දුට සහ දයාසිරි ජයසේකරට ද කැබිනට් අමාත්‍ය ධුර හිමි වුණා.

01 හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය
02 දයාසිරි ජයසේකර-  ක්‍රීඩා අමාත්‍ය

දින 100 ආණ්ඩුවේ අමාත්‍යධුර දැරූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන

01 ඒ.එච්.එම්. ෆවුසි

02 ආචාර්ය සරත් අමුණුගම

03 ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ

04 විජිත් විජයමුණි සොයිසාට   අද අමාත්‍ය ධුර හිමි වුණේ නැහැ.

එහෙත් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 5කට අමාත්‍යධුර ලැබී තිබෙනවා.
 
01 නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන

02 ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

03 අනුර ප්‍රියදර්ශන යාපා - ආපදා කළමනාකරණ  

04 සුසිල් ප්‍රේමජයන්ත - තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා

05 චන්දිම වීරක්කොඩි - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු


දින 100 ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ දෙදෙනෙකු මෙවර කැබිනට් අමාත්‍ය ධුර ලබාදී තිබීම ද විශේෂත්වයක්.

01 රංජිත් සියඹලාපිටිය - විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ

02 මහින්ද සමරසිංහ - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය එම මන්ත්‍රීවරුන්.

කෙසේ වෙතත්, නිදහස් පක්ෂයේ

01 දුමින්ද දිසානායක - කෘෂිකර්ම සහ
02 මහින්ද අමරවීර - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ලෙස මෙවරත් කැබිනට් අමාත්‍ය ධුර හිමි වුණා.

දින 100 ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරූ ඇතැම් අමාත්‍යවරුන්ගේ ධුර වෙනස් කර තිබෙනවා.

පොලීසිය භාරව කටයුතු කළ ජෝන් අමරතුංගට මෙවර හිමි වී ඇත්තේ සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයයි.

දින 100යේ ආණ්ඩුවේ තිබූ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය මෙවර අමාත්‍ය මණ්ඩලයට එක් කර නොමැති අතර, එය දැරූ ගාමිණී ජයවික්‍රම පෙරේරාට මෙවර ලැබී ඇත්තේ තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයයි.

වැවිලි කර්මාන්ත ධුරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ලට විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ වාරිමාර්ග අමාත්‍යාංශය හිමි වී තිබෙනවා.

මෙවර වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ලැබී ඇත්තේ දින 100යේ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නවීන් දිසානායකටයි.

සමාජ සේවා සහ පශු සම්පත් යනුවෙන් අමාත්‍යාංශයක් මෙවර අමාත්‍ය මණ්ඩලයට එක් කර නොමැති අතර එය දැරූ පී. හැරිසන් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ රංජිත් මද්දුම බණ්ඩාරට මෙවර හිමි වී ඇත්තේ රාජ්‍ය පරිපාල අමාත්‍යාංශයයි.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විෂයන්ව පැවැති ළමා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනත් අමාත්‍යාංශ වෙත ලබාදී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාව සිටි කබීර් හෂීම්ගේ අමාත්‍යාංශය මෙවර සකස් වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ලෙසයි.

නිවාස, ඉදිකිරීම් සහ සමෘද්ධි අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගෙන් සමෘද්ධි විෂය ඉවත් කර තිබෙනවා.

දින 100යේ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙවර බෙදා අමාත්‍යාංශ දෙකක් ලෙස සකස් කර ඇත්තේ 'විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති සහ ඛනිජ තෙල්' ලෙස සහ 'පෙට්‍රෝලියම් වායු පිළිබඳ' අමාත්‍යාංශය නමින්.

රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, ගයන්ත කරුණාතිලක, අර්ජුණ රණතුංග, එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන, පී. දිගම්බරන්, තලතා අතුකෝරාළ, අකිල විරාජ් කාරියවසම්, අබ්දුල් හලීම්, ඞී.එම්. ස්වාමිනාදන් යන මන්ත්‍රී වරුන්ට ඔවුන් දැරූ අමාත්‍යාංශයම ලැබී තිබෙනවා.

එසේම මුදල් අමාත්‍යාංශය මෙවරත් රවී කරුණානායකට හිමි වී ඇති අතර, සෞඛය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රාජිත සේනාරත්නයි.

 අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂට බුද්ධ ශාසන විෂය ද එක්කර තිබීම විශේෂත්වයක්.  

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මැතිවරණයේදී පරාජයට පත්වු 07 දෙනාගෙන් දෙදෙනෙකුටද අද  අමාත්‍ය ධුර හිමිවුණා. ඒ,

01 එස්.බී.දිසානායක - (සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන) සහ

02 මහින්ද සමරසිංහ - (නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු) යි.


එහෙත් විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අංගජන් රාමනාදන්ට අද අමාත්‍ය ධුර හිමිවූයේ නැහැ.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයෙන් අමාත්‍ය ධුර හිමිවු 08 දෙනෙකුම එම පක්ෂයට අයත් නොවීම විශේෂත්වයක්.


01 යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත් වූ රාජිත සේනාරත්න

02 චම්පික රණවක

03 අර්ජුණ රණතුංග

04 ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමිවු එම්.කේ.ඒ.ඞී.එස්.ගුණවර්ධන

05 මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම්
 
06 සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඞ් බදියුදීන්

07 දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පී.දිගම්බරන් සහ

 08 මනෝ ගනේෂන්ද එක්සත් ජාතික පක්ෂයට අයත් නැහැ.