Update : සෙල්ලකතරගමදී මිය ගියේ කපු මහත්මයෙක්

Saturday, 05 September 2015 - 7:52

Update+%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
සෙල්ලකතරගම - මරුවංගුව අසල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි පහරින් ඝාතනයට ලක්වූ පුද්ගලයා කැබිලිත්ත දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා. එසේම, ඔහු සෙල්ලකතරගම ගණ දේවාලයේ කපුමහතෙකු ලෙස ද මීට පෙර සේවය කර ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව මොහු යාල - කැබිලිත්ත දේවාලයේ කපු මහතෙකු ලෙස සේවය කරඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔහු කතරගම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේදී මොහු සිට ඇත්තේ අසල්වැසි නිවසකයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Update : Saturday, 05 September 2015 - 14:03
-------------------------------------
සෙල්ලකතරගම දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

සෙල්ලකතරගම - මරු වංගුව අසළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. මිය ගිය පුද්ගලයා සෙල්ලකතරගම - බුත්තල පාරේ පදිංචි 36 හැවිරිදි අයෙක්. එහිදී තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.