ජනපති සහ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡාවේ

Saturday, 05 September 2015 - 8:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට පෙර ජනාධිපති නිළ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ජාතික ආණ්ඩුව තුළ සහයෝගයෙන් කටයුතු කිරිම පිළිබදව ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබෙනවා.

ඊයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර 11ක් හිමි වුණා. ඊයේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් 42 සමඟ මේ වන විට අමාත්‍යවරුන් 43 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර මීට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිව ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර 48ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 45කට පමණයි. ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 15ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 18ක් හිමි වන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු ඉදිරියේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ඇති. ජනාධිපතිවරයා දරණ අමාත්‍ය ධුරය මෙහිදී නොසලකා හැරේ නම් එම සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ යා හැකියි. ඉතිරි අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි වනවා.

දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර බෙදී යාම සම්බන්ධයෙන් ද මේ වන විට අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි. බොහෝදුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය අමාත්‍ය ධුර 6ක් හිමිවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.