ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩුවේ ධීවර විරෝධතාවක්

Saturday, 05 September 2015 - 13:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ ධීවර විරෝධතාවක් පැණ නැගී තිබෙනවා. තමිල්නාඩු ප්‍රධාන ධීවර තොටුපළ වන රාමේෂ්වරමේ ධීවරයන් මේ නිසා අද සිට මුහුදු යාමෙන් වැළකී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මීට දින 3කට පෙර ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. තමිල්නාඩුවේ ධීවර සංගම් 11ක් ඊයේ රැස්වීමෙන් අනතුරුවයි අද සිට මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

තමිල්නාඩු ධීවර සංගම් කියා සිටින්නේ තම ධීවරයන් සියවස් ගණනක සිට පෝක් සමුද්‍ර සන්ධියේ නිදහසේ මසුන් මැරීමේ නිරත වූ බවයි. එහෙත් නව ධීවර කාලසීමාව පසුගිය ජුනි මාසයේ ආරම්භවීමෙන් පසු යාත්‍රා 30ක් පමණ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්වූ බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙම ධීවර බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන්නැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් ද කළා. කෙසේ නමුත්, පසුගිය කාලසීමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංගණය කිරීම නිසා අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයන් සිය ගණනක් සහ ඔවුන්ගේ යාත්‍රා වාර කිහිපයකදී නිදහස් කෙරුණා.