දේශීය ඉන්ධන මිල අඩුවන ලකුණු

Sunday, 06 September 2015 - 12:50

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය නව රජය මගින් ලබාදීමට කටයුතු කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුනිල් වටගොඩ කියා සිටියේ ලෝක වෙළඳපොලේ මිල අඩුවැඩි වීම්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සැකසීම සඳහා වන මිල සූත්‍රය නව අමාත්‍ය මණ්ඩලයේ මුල් රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

 දැනට ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා මිල සූත්‍රය මගින් දේශීය ඉන්ධන මිල අඩුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

 ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 50 කට අඩු මට්ටමකයි. එය වසර 11 කින් ලොව වාර්තා වන අඩුම ඉන්ධන මිලයි.