නිදි යහනේදී සොහොයුරාට යට වී බිළිදෙකු මිය යයි

Sunday, 06 September 2015 - 16:50

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%BA%E0%B7%84%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර - විජයපුර - ජයසිරිපුර ප්‍රදේශයේ මාස දෙකක් වයසැති බිළිදෙකු නිදා සිටියදී සිව් හැවිරිදි තම වැඩිමහල් පිරිමි සහෝදරයාගේ ඇගට යට වී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා. අද උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ කුඩා බිළිඳාගේ හුස්ම සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මිය ගිය බිළිදාගේ මව, තවත් වැඩිමහල් පිරිමි සහෝදරයන් දෙදෙනෙකු එකම ඇදේ නිදා සිටියදී එක් සහෝදරයෙකු කුඩා දරුවාගේ ඇග මතට පෙරළී ඇත්තේ. එම අවස්ථාවේදී තමාට නින්ද ගොස් සිට ඇති බව අදාළ මව පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.