පසුගිය ජනාධිපතිවරණයේ චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම වයිබර් හරහා පණිවිඩ හුවමාරු කරගෙන

Monday, 07 September 2015 - 8:36

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
පසුගිය ජනාධිපතිවරණයේදී කිසිදු පිටස්තර බලයක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ නොකළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බෞද්ධ සහ හින්දු ආගමික සමුළුවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි හිටපු ජනපතිනිය මේ බව සදහන් කළේ.

ඉන්දියාව, චන්ද්‍රිකා තාක්ෂණය හරහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න පිළිබඳව ද එහිදි මාධ්‍යවේදීන් විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සදහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේ පොදු විපක්ෂයේ සාමාජිකයින් අතර සන්නිවේදන කටයුතු සඳහා වයිබර් තාක්ෂණය යොදා ගත් බවයි. එලෙස ලබා ගන්නා ඇමතුම්වලට රහසේ සවන්දීමට ද ශ්‍රී ලංකා රජය ඒ වන විට නොදැන සිටි බව ද ඇය මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.