ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ ජෙලි ෆිෂ් ගහනය ඉහළට

Monday, 07 September 2015 - 8:44

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B7%86%E0%B7%92%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බටහිර, දකුණු මුහුදු තීරයට බලපෑ ජෙලිෆිෂ් හෙවත් මුහුදු ලොඩියන්ගේ ඉහළ යාම ත්‍රිකුණාමලය සහ මඩකලපු මුහුදු තීරවල මේ වන විට දක්නට ලැබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් පසුගිය දින දෙක තුළ  ධීවරයන්ගේ දැල්වලට හසුව ඇති බවයි.

මඩකලපුව මුහුදු තීරයේ මන්මුනෙයි, එරුවිල්පත්තු සහ පෙරියගල්ආරු යන ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ජෙලිෆිෂ් හෙවත් මුහුදු ලොඩියන්ගේ ඉහළ යාමත් සමඟ ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යාමට පවා අකමැත්තක් පළ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් ද මෙවැනිම තත්ත්වයක් වාර්තා වනවා.

මඩකලපුව දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රුක්ෂාන් කෲස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම මාසවලදී ජෙලිෆිෂ් මත්ස්‍යයින් බහුල වශයෙන් වෙරළ තීරයට ඇදෙන බවයි. එහෙත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත නැති බවයි ඔහු කියා සිටියේ.
 
මීට පෙර පසුගිය ජුනි මාසයේ බටහිර සහ දකුණු මුහුදු තීරයේ ජෙලිෆිෂ් ගහණය ඉහළ ගිය අතර එම මත්ස්‍යයින් ශරීරයේ ස්පර්ශවීම හේතුවෙන් මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් 35 දෙනෙකු පමණ රෝහල් ගත කළා. පසුව මාතර, පොල්හේන වැනි වෙරළ තීරයන් හි දිය නෑම තාවකාලිකව තහනම් කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. නිරිතදිග මෝසම් සුළං සමඟ මෙම ජෙලිෆිෂ් ගහණය ඉහළ යාමට හේතුව බවයි නාරා ආයතනයේ විද්‍යාඥයින් එහිදී පෙන්වා දුන්නේ.

මඩකලපුවේ සහ ත්‍රිකුණාමලය මුහුදු තීරයන්හි ද ජෙලිෆිෂ් ගහණය ඉහළ යාම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාරා ආයතනයේ සමුද්‍රජීවි විද්‍යාඥ උපුල් ලියනගේගෙන් විමසීමක් කළා. ඔහු සදහන් කළේ ඇතැම් ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂ පුද්ගලයින්ට මාරාන්තික විෂ සහිත වුවත් මෙම මත්ස්‍යයින්ගෙන් එවැනි කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.