අදත් පළාත් කිහිපයකට වැසි

Monday, 07 September 2015 - 9:28

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේදීත් දිවයිනේ බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උදෑසන කාලයේදි බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු පළාත්වලටද විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.