Update: බස්නාහිර මහඇමති හෙට දිනයට පෙර

Monday, 07 September 2015 - 12:54

Update%3A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
බස්නාහිර පළාත් සභාවේ නව මහ ඇමතිවරයා කවුරුන්ද යන්න හෙට පැවැත්වෙන පළාත් සභා සැසිවාරයට පෙර දැනුම් දීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි සඳහන් කළා. මහඇමති ධුරය සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

මෙවර මහමැතිවරණයට තරඟ කළ පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් පළාත් සභාවල මන්ත්‍රී ධුර 55 ක මේ වන විට පුරප්පාඩු ඇති වී තිබෙනවා.  ඉන් වැඩිම සංඛ්‍යාවක් පුරප්පාඩු වී ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ වන අතර එම සංඛ්‍යාව 14 ක්.

මේ අතර, පුරප්පාඩු වී ඇති වයඹ පළාත් සභාවේ මහඇමති ධුරය සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණා. එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ වයඹ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රානි දසනායක කියා සිටියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයට මහඇමති ධුරය හිමි විය යුතු බවට සාකච්ඡා වූ බවයි ඇය තවදුරටත් සදහන් කළේ.



Update: Monday, 07 September 2015 - 19:30
---------------------------------------------------------
බස්නාහිර - වයඹ සන්ධාන මන්ත්‍රීවරු සහ ජනපති අතර හමුව අද

බස්නාහිර සහ වයඹ පළාත් සභා දෙකෙහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවනවා. මෙම සාකච්ඡාවේදී දැනට අදාළ පළාත් සභා දෙකෙහි පුරප්පාඩු වී ඇති  ප්‍රධාන අමාත්‍ය ධුර දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති.  

බස්නාහිර පළාතේ නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 3 ටයි. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව එම ධුරය හිස්වුණා. කෙසේ වෙතත් පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සුදුසුකම් සපුරා ඇති බවයි  වාර්තාවන්නේ. ඔවුන් අතර ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරියි. ඊට අමතරව බස්නාහිර පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කරන සුනිල් විජේරත්න, පළාත් අමාත්‍යවරුන් වන  රංජිත් සෝමවංශ සහ උපාලි කොඩිකාර මෙන්ම පළාත් මන්ත්‍රිවරුන් වන හෙක්ටර් බෙත්මගේ සහ ඉසුරු දේවප්‍රියද මෙම තනතුර සඳහා සුදුසුකම් ලබා ඇති බවයි වාර්තාවන්නේ.  

මේ අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 4 ටයි. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා එම ධුරය හිස් වුණා.

කෙසේ වෙතත් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහාද නම් කිහිපයක් යෝජනා වී ඇති අතර එහි ප්‍රමුඛස්ථානය හිමිවන්නේ වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායකටයි.

ඊට අමතරව පළාත් අමාත්‍යවරුන් වන ඞී.බී. හේරත්, ගුණදාස දෙහිගම සහ සන්ධ්‍යා රාජපක්ෂද මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා තිබෙනවා.