ජානක ඝාතන නඩුව අනුරාධපුර මහාධිකරණයේ සිට විශේෂ මහාධිකරණයට

Monday, 07 September 2015 - 13:36

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුව අනුරාධපුර මහාධිකරණයේ සිට අනුරාධපුර විශේෂ මහාධිකරණය වෙත මාරු කර තිබෙනවා. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්ගේ නියෝගයකට අනුව උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල විසින් අදාළ නඩුව මෙලෙස විශේෂ මහාධිකරණය වෙත මාරුකර ඇති බව සඳහන්. මෙම නඩුව මෙලෙස මාරුකිරීමට හේතුවී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සියලූ නඩු විභාග කිරීම සඳහාම අනුරාධපුර විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබීම හේතුවෙන්. මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුලූ 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකු අධිචෝදනා ලැබුවා. ඔවුන්ගෙන් දෙවන විත්තිකරුට වරද පිලිගැනීම හේතුවෙන් විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නිම කළා. පළමුවන විත්තිකරු මෙම ඝාතනයට තමන් සම්බන්ධ නැති බවට අධිකරණයට ප්‍රකාශ කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.