ගෝඨා දෙවියන් සොයා ගිහින්

Monday, 07 September 2015 - 13:49

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා රක්වාන - ශ්‍රී නාගබෝධි දේවාලයේ විශේෂ දේවාශිර්වාද පූජාවකට සහභාගි වී තිබෙනවා. රත්නපුර හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පෙරේදා දින අලූයම 5 ට පමණ ඔහු මෙම දේවාලයට පැමිණ පැයක පමණ දේවාශීර්වාද පූජාවකට සහභාගි වී ඇති බවයි. එහිදී කිසිවෙකුටත් පැමිණිය නොහැකි ආකාරයෙන් රහසිගත ලෙස මෙම පූජාව පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. මෙම දේවාලයේ එවැනි විශේෂ දේවාශිර්වාද පූජා පැවැත්වෙන විට අදාළ පූජාවට පැමිණි පුද්ගලයා පමණක් දේවාලයට ඇතුළු කර ගන්නා අතර, වෙනත් පුද්ගලයින්ට දේවාල භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ. සමන් දෙවියන්ගේ ආශිර්වාද පතා මෙම ස්ථානයට දේශපාලනඥයින්, ප්‍රභූවරුන් සහ ව්‍යාපාරිකයන් පැමිණෙන අතර එම දේවාලයේ හාස්කම් රැසක් පවතින බවට සමාජය තුළ විශ්වාසයක් ද පවතින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ආගමික කටයුත්තක් සඳහා තමන් රක්වාන - ශ්‍රී නාග දේවාලයට පසුගියදා පැමිණි බවයි.