Update: බ්ලූමැන්ඩල් සිද්ධියේ මහ මොළකරු දෙමටගොඩ චමින්ද

Monday, 07 September 2015 - 15:01

Update%3A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
පසුගිය ජුලි 31 වනදා කොටහේන - බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු 16 දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව සදහන් කළා.

මෙම වෙඩි තැබීම දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සදහන් කළේ.

මේ අතර, සැකකරුවන්ට අධිචෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයාට යෝජනා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට දේශපාලනඥයින් සම්බන්ධ දැයි මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ එවැනි තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් වන්නේ සමීර රසාංග හෙවත් සූදු, වීරක්කොඩි රාළලාගේ ජූඞ් ප්‍රියන්ත හෙවත් ජූඩා, කළුතර විතානගේ සිරිවර්ධන හෙවත් ආබ්දීන් ජගත් සහ හේරත් මුදියන්සේලාගේ නුවන් මිහිරංග හෙවත් නේවි නුවන් යන අයයි. පසුගිය ජුලි මස 31 වන දින සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඞී.කේ.සී. නවරත්නට ස්ථාන මාරුවක් ද පොලිස්පතිවරයා විසින් ලබාදී තිබෙනවා. ඊට අමතරව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



Update: Monday, 07 September 2015 - 19:20
--------------------------------------------------
බ්ලූමැන්ඩල් සිද්ධියේ සියලූ සැකකරුවන් පොලිස් දැලේ

පසුගිය ජුලි 31 වනදා කොටහේන - බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මේ වන විට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව සදහන් කළා.