මුතූර් වල වෙඩි හඬක්

Tuesday, 08 September 2015 - 9:00

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B6%AC%E0%B6%9A%E0%B7%8A
මුතූර් - පින්නානගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ නිදා සිටියදී අද අලූයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ජීවිතක්ෂයට පත්වී ඇති 25 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති බවයි. වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුතූර් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.