Update : සම්බන්ධන්ගේ ප්‍රකාශයට ජානිපෙ විරෝධය

Tuesday, 08 September 2015 - 13:24

Update+%3A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ජනතාව ඉල්ලා සිටින්නේ නම් එය වැරදි යැයි කිව නොහැකි බවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කළ ප්‍රකාශය පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශීය පරීක්ෂණ ගැන විශ්වාසයක් නොමැති නිසා ජනතාව, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මේ සිදු කරන්නේ ජනතාවට මුවා වී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම බව ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට මේ වනවිට දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ.

දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය කඩවූයේ පසුගිය රජයේ ක්‍රියාකලාපය නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවයි නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/EjEqJ4