සිසුවියක් සිර ගෙට යැවූ මහේස්ත්‍රාත් තීන්දුවක් මහාධිකරණය ආපසු හරවයි

Tuesday, 08 September 2015 - 20:08

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%92
17 හැවිරිදි පාසල් සිසුවියකට - අම්පාර මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබූ දින 250ක අනිවාර්ය සිර දඬුවමක් වහාම ක්‍රියාත්මක වන පරිදි බල රහිත කිරීමට අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර අද (08) නියෝග කළා. එසේම ඇයට නියම කර තිබූ රුපියල් හත්දහසක දඩ මුදල රජයේ ගාස්තුවක් බවට පත් කරන ලෙසද එහිදී නියෝග කළ විනිසුරුවරයා දැරිය පරිවාස භාරයට පත්කරන ලෙසයි ප්‍රකාශ කර ඇත්තේ. ගංජා ග්‍රෑම් 510 ක් ළඟ තබාගැනීමේ වරදට මෙම සිසුවියට දින 250 ක සිර  දඬුවමක් නියම කර තිබුණේ අම්පාර අතිරේක මහේස්ත‍්‍ත්‍රාත් කේමින්ද පෙරේරා විසින්.

ගංජා සමඟ පසුගිය මාර්තු තුන්වනදා මෙම දැරිය අත්අඩංගුවට ගෙන තිබුණේ අම්පාර - දමන ප්‍රදේශයේදියි.

ඒ අනුව නඩු විභාගය සිදුකර ඇයට දින 250ක අනිවාර්ය සිර දඬුවමක් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කෙසේ වෙතත් දැරියගේ පාර්ශවයෙන් අම්පාර පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එහි තීන්දුවට අනුව ඊට පෙර අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව බලරහිත කර තිබෙනවා. එහිදී පළාත්බද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ළමයාගේ උපරිම යහපත කෙරෙහි අවධානය යොමු කරමින් තමන් මෙම තීන්දුව ලබාදෙන බවයි.

වරද පිළිගත් මුල් අවස්ථාවේදීම දැරියට අනිවාර්ය සිරදඩුවම් නියම කිරීම යුක්ති සහගත නොවන බවත්, ඇයට  දඬුවම් නොකර පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට තිබූ හැකියාව මුල් නඩු විභාගයේදී නොසළකා හැර ඇති බවත්, මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර  සිය නියෝගයේ දක්වා තිබෙනවා.