Update : සියදිවි නසා ගත් පියා සිය පුත්‍රයා ඝාතනය කිරීමට හේතුව හෙළි වේ

Wednesday, 09 September 2015 - 7:40

Update+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
මඩලපුව - වව්නතිව් ප්‍රදේශයේ පියෙකු තම අටහැවිරිදි පිරිමි දරුවාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට හේතු වී ඇත්තේ පුතු කර්ණ ආබාධයකින් පෙලීම නිසා ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ මෙම සිද්ධිය දැක ඇති වූ කම්පනය හේතුවෙන් දරුවාගේ මව අනෙත් දරුවා ද සමඟ ලිඳට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

මඩකලපුව - වව්නතිව් ප්‍රදේශයේදී සිය අට හැවිරිදි පිරිමි දරුවාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහුද ගෙලවැලලාගෙන සියදිවි නසාගෙන තිබුනේ ඊයේ දහවල් කාලයේදීයි. පසුව සිද්ධිය දැකීමෙන් බියට පත්වුණු දරුවාගේ 30 හැවිරදි මව ද සියදිවි නසා ගැනීම සඳහා ළිඳකට පැන තිබුණේ වයස මාස දෙකහමාරක අනෙක් පිරිමි දරුවාද සමඟයි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කෙරුණු අතර මව මේවනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පියාගේ පහරදීමෙන් මියගිය අට හැවිරිදි තමෝදරම් විනෝද් නැමති දරුවා කථන ආබාධයකින් ද  පෙළෙන බව සඳහන්. ගෙළ වැළලාගෙන මියගිය පියාගේ වයස අවුරුදු 30ක්.

Update :Wednesday, 09 September 2015 - 13:02
..........................................................................................

තාත්තා එක පුතෙක් මරා දිවි නසා ගනී - අම්මා අනෙක් පුතා එක්ක ළිඳකට පනියි

තම අටහැවිරිදි පුතුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සියදිවි නසාගත් පියෙකු පිළිබඳ පුවතක් මඩකලපුව - වව්නතිව් ප්‍රදේශයෙන් වාර්තාවුණා. පසුව, සිද්ධිය දැකීමෙන් බියට පත්වුණු දරුවාගේ මව ද සියදිවි නසා ගැනීම සඳහා ළිඳකට පැන තිබුණේ වයස අවුරුදු දෙකහමාරක අනෙක් පිරිමි දරුවාද සමඟයි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මේ වනවිට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පියාගේ පහරදීමෙන් මියගිය අට හැවිරිදි තමෝදරම් විනෝද් නැමති දරුවා කථන ආබාධයකින් ද  පෙළෙන බව සඳහන්. ගෙළ වැළලාගෙන මියගිය පියාගේ වයස අවුරුදු 29 ක්.

මේ අතර කුරුවිට ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි වයස අවුරුදු දෙකහමාරක කුඩා දැරියක් එහි නාන කාමරයක ජල භාජනයකට වැටී ඊයේ මියගොස් තිබෙනවා. ඇය වැසිකිලියට ගොස් එය පිරිසිදු කිරීම සඳහා ජලය ලබාගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට මුහුණදී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලිකාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය මව්පිය රැකවරණය අහිමිවී අධිකරණ නියෝගයක් මතයි කුරුවිට - ඉසුරුසෙවන නම් ළමා නිවාසයේ රඳවා තබා ඇත්තේ. ළමා නිවාසවල සිටින දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුවූ අවස්ථා මීට පෙරද නිරන්තරයෙන් වාර්තාවුණා.