පරීක්ෂණ ඉල්ලා දෙමළ සන්ධානය පා ගමන් යන්න හදන්නේ ඇයි ?

Wednesday, 09 September 2015 - 7:42

%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය පරීක්ෂණයක් සිදුකරන ලෙස  ජගත් මානව හිමිකම් කවුන්සිලයට බල කරමින්, කිලිනොච්චියේ සිට යාපනය දක්වා හෙට පා ගමනක නිරත වීමට දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක්  සූදානම් වනවා. දෙමළ ජාතික සන්ධානය පක්ෂ 4 කින් සමන්විත වන අතර ඊට ටෙලෝ, ඉලංගෙයිතමිල් අරසු,  ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධාන ඇතුළත්. එහි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හැර අනෙකුත් පක්ෂ තුන විදේශීය පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන බවයි ටෙලෝ සංවිධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කළේ.

මේ වනවිට දෙමළ ජාතික සන්ධානය තුළ ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා. එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රිවරයා ඇතුලූ පිරිසක් ඊට සහභාගි වන බව ප්‍රකාශ කර ඇති අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊයේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන වාර්තාව සළකා බලන තුරු  එවැන්නක අවශ්‍යතාවක් පැන නොනගින බව ඔහු සඳහන් කළා.