ජෝශප් මයිකල්ගේ පුතු සිපිරිගෙට

Wednesday, 09 September 2015 - 8:08

%E0%B6%A2%E0%B7%9D%E0%B7%81%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%A7
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරාගේ පුත් මොරිසන් පෙරේරා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, කොළඹ අලූත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා සමූපකාර අලෙවි මණ්ඩලයෙන් භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 93 ක මුදලක් ගෙවීම පැහැර පැහැර හැරීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.