බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් යානයක් හදිසියේ ගිනිගනී

Wednesday, 09 September 2015 - 9:05

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%82%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවාවට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අදාළ ගුවන් යානය මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ අමෙරිකාවේ ලාස් වේගාස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ අවස්ථාවේදීයි.

ගින්න හට ගැනීමත් සමග යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 13 දෙනා සහ මගීන් 159දෙනා වහාම යානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයින් 14දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

ලාස් වේගාස් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අවස්ථාවක එකවර මෙම ගින්න හටගැනීමට හේතුව යානයේ එන්ජිමේ සිදු වූ දෝෂයක් බවටයි මේ වන විට බලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.

යානය ගිනි ගත් අවස්ථාව පහතින් නරඹන්න.....



ගින්න නිවා දැමීමට කටයුතු කළ ආකාරය පහතින් නරඹන්න.....