UPDATE: රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු ලැයිස්තුව මෙන්න - 43න් 3ක් ආවේ නෑ

Wednesday, 09 September 2015 - 11:33

UPDATE%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+43%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
රාජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙකු අද (09) දිවුරුම් දුන්නා. ඒ අනුව දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40ක්. නියෝජ්‍ය ඇමතිවරු  තිදෙනෙක් පත්වීම් භාර ගැනීමට පැමිණ සිටියේ නැහැ. ​ඒ සිරිපාල ගම්ලත්, හිටපු අගමැති දී.මු. ජයරත්නගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ සාරතී දුෂ්මන්තයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් - කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පස්වරුවේ පැවත්වුණා. පළමුව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්නා.



අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් ලාන්සා අතර අමාත්‍යංශ හුවමාරුවක් වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පස්වරුවේ පැවසුවා.  ඒ අනුව

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යලෙස - නිමල් ලාන්සා
සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  -  අරුන්දික ප්‍රනාන්දු කටයුතු කරනු ඇති.


රාජ්‍ය අමාත්‍යවරු  ලැයිස්තුව

01 ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි

02 මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය - ඩිලාන් පෙරේරා

03 ඉඩම් රාජ්‍ය අමාත්‍ය - ටි.බි. ඒකනායක

04 නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - ප්‍රියංකර ජයරත්න

05 මුදල් රාජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අබේවර්ධන

06 කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය - රවීන්ද්‍ර සමරවීර

07 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - වී. රාධා ක්‍රිෂ්ණන්

08 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය - පාලිත රංගේබණ්ඩාර

09 ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය - දිලීප් වෙදආරච්චි

10 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍ය - නිරෝෂන් පෙරේරා

11 ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය - රුවන් විජේවර්ධන

12 පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය - ඒ.එල්.එම්. හිස්බුල්ලා

13 විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය - මොහාන්ලාල් ග්‍රේරු

14 කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය - චම්පික ප්‍රේමදාස

15 ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි - විජයකලා මහේෂ්වරන්

16 ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය - සුජීව සේනසිංහ

17 වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක

18 කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය - වසන්ත අලුවිහාරේ

19 නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය - සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

 

















































අමාත්‍යංශ භාර වූ නියෝජ්‍ය අමාත්‍ය ලැයිස්තුව

01 තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි - සුමේධා ජී. ජයසේන

02  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ - සුසන්ත පුංචිනිලමේ

03 ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය - අමීර් අලි

04 මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ලසන්ත අලගියවන්න

05 නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය - ඉන්දික බණ්ඩාරනායක

06 විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය - සිරිපාල ගම්ලත්

07  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - මොහොමඩ් කාසීම්

08 තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - පණ්ඩුල විජේසේකර

09 වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් වසන්ත පෙරේරා

10 වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය - නිශාන්ත මුතුහෙට්ටිගම

11 ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය - දුනේෂ් ගන්කන්ද

12  ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනි - අනෝමා ගමගේ

13 විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - හර්ෂ ද සිල්වා

14 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය - අජිත් පී පෙරේරා

15 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ඉරාන් වික්‍රමරත්න

16 සමාජ සවිජබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය - රන්ජන් රාමනායක

17  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය - අශෝක අබේසිංහ

18 ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - නිමල් ලාන්සා

19 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය - ඩිල්හාන් තාරානාත් බස්නායක

20 ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය - මොහොමඩ් හරීස්

21 මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය - අනුරාධ ලංකා ජයරත්න

22 අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය - සාරතී දුෂ්මන්ත

23 පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය - කරුණාරත්න පරණවිතානගේ

24 සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - අරුන්දික ප්‍රනාන්දු













































 

පත්වීම් භාර ගැනීමට නොපැමිණී නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනා

01 විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය - සිරිපාල ගම්ලත්

02 මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය - අනුරාධ ලංකා ජයරත්න (හිටපු අගමැති දී.මු. ජයරත්නගේ පුත්)

03 අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය - සාරතී දුෂ්මන්ත

------UPDATE ----------------------------------

විජයමුනි, මලික් සහ ෆයිසර් නව කැබිනට් ඇමතිවරු ලෙස දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු, අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව විජිත් විජයමුනි සොයිසා, වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද, ෆයිසර් මුස්තාපා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, මලික් සමරවික්‍රම සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබෙනවා. මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. ඊට අදාළ උත්සවය අද පස්වරු දෙකට ජනාධිපති  ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.

පසුගියදා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිව තිබුණේ කැබිනට් අමාත්‍ය ධුර 48ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පත් කිරීමට පමණයි. ඒ අනුව, පසුගිය සිකුරාදා අමාත්‍යවරුන් 42 කු දිවුරුම් දුන් අතර, මීට පෙර දිවුරුම් දුන් විදේශ අමාත්‍ය මංගල සමරවීරද ඇතුලූව සිකුරාදා වනවිට දිවුරුම්දී තිබූ සමස්ත අමාත්‍යවරුන් සංඛ්‍යාව 43 ක්. ජනාධිපතිවරයා දරණ අමාත්‍ය ධුරය ද ඊට ඇතුළත් කළහොත් අමාත්‍යවරුන් 44 දෙනෙකු මේ වනවිට පත්කරගෙන අවසන්ව ඇති අතර අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් ද සමඟ එම සංඛ්‍යාව 47 ක්. ඒ අනුව, තවත් එක් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාගේ අමාත්‍ය ධුරය සලකා නොබලන්නේ නම් තවත් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දිය හැකියි.

පසුගිය සිකුරාදා අමාත්‍යවරුන් 42 දෙනෙකු දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 15 ක් හිමිවන බවයි. එදින නිදහස් පක්ෂය නියෝජනය කරන 11 දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම්දුන් අතර ජනාධිපතිවරයාගේ අමාත්‍ය ධුරය ද ඇතුළුව එම සංඛ්‍යාව 12 ක් වනවා. අද අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් විජිත් විජයමුනි සොයිසා සහ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර ඒ අනුව ඔවුන්ට හිමිව ඇති අමාත්‍ය ධුර සංඛ්‍යාව 14 ක්. ඒ අනුව ඉතිරි අමාත්‍ය ධුරය හෝ අමාත්‍ය ධුර දෙක බොහෝ දුරට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හිමිවිය හැකියි.

මේ වනවිටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඇතුළුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 32 දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා. අද දිවුරුම් දුන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමඟ එම සංඛ්‍යාව 33 ක්.


විජිත් විජයමුණි සොයිසා  - වාරි මාර්ග හා ජල කළමනාකරණ
ෆයිසර් මුස්තාෆා  - පළාත් සභා සහ පළාත් පාලන
මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ