ව්‍යවස්ථා සභාවට අමාත්‍යවරුන් පත් කිරීම ගැන දිනේෂ්ගේ විරෝධය

Wednesday, 09 September 2015 - 20:57

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හෙට රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන් 10න් 06 දෙනෙකු මේ වනවිට නම් කර අවසන්. නිල බලයෙන් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා එම සභාවට පත්වනවා. ඊට අමතරව ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක නම් කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය විජේදාස රාජපක්ෂයි.

විපක්ෂ නායකවරයා පත් කරන නියෝජිතයා හෙට දිනයේදී නම් කරන බවයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන්  කියා සිටියේ. සුළු පක්ෂ නියෝජනය කරමින් පත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයායි.

ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජයෙන් නියෝජිතයන් 03 දෙනෙකු පත් කිරීමට නියමිත අතර, ඔවුන්ගේ නම් පාර්ලිමේන්තුවෙන්ද සම්මත විය යුතුයි. මීට පෙර පසුගිය දින සියය රජය යටතේ ව්‍යවස්ථා සභාව සඳහා ආචාර්ය ඒ.ටී.ආරියරත්න, විශ්‍රාමික විනිසුරු අබ්දුල් වහීඞ් අබ්දුල් සලාම් සහ ආචාර්ය රාධිකා කුමාරස්වාමි යෝජනා කර තිබුණා. එහෙත් ඔවුන්ගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත්තේ නැහැ.

කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක  ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට  අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.