UPDATE: තාජුඩීන් නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම්

Thursday, 10 September 2015 - 11:23

UPDATE%3A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
අභිරහස් ලෙස මියගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධ නඩු විභාගයේ වැදගත් සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ලවී ඇති බව රහස් පොලීසිය අද (10) අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ නඩුව අද කැඳවූ අතර, එහිදී රහස් පොලීසිය ඒ බව දැනුම්දී තිබෙනවා. නඩුවේ සාක්ෂිකරුට එල්ලවී ඇතිි එම බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි රහස් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ පසුගියදා රහස් පොලීසිය මගින් ආගරපතන ප්‍රදේශයේදී සොයාගනු ලැබූ - මියගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ මතක ගබඩාව වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිඝනක ඒකකයට ලබාදී ඇති බවයි.

වසීම් තාජුඩීන්ගේ මළ සිරුර නැවත ගොඩගැනීමෙන් පසු සිදුකළ වෛද්‍ය පරික්ෂණයේ වාර්තාව මෙතෙක් අවසන් වී නොමැති බැවින් එය ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නඩු විභාගය ලබන ඔක්තෝබර් 22 වනදා දක්වා කල් දමනු ලැබුවා.



Update: Thursday, 10 September 2015 - 12:17
----------------------------------------------------------

තාජුඩීන්ගේ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට තර්ජන

වෂීම් තාජුඩීන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක  අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස්ට දැනුම් දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවද අධිකරණයට දැනුම් දී ඇත.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් භාවිත කළ බව පැවසෙන  ජංගම දුරකතනය හමුවී ඇතැයි ද නීතීඥවරයා අධිකරණයට  දැනුම් දී තිබේ.

නඩු පොත සේප්පුවේ තබන ලෙස රජයේ නීතීඥ ඩිලාන් රත්නායක කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය හේතුවෙන්   එවැනි නියෝගයක් දිය නොහැකි බව ද අධිකරණය දන්වා තිබේ.