UPDATE: මිනුවන්ගොඩ රිය අනතුරේ CCTV දර්ශන - PSD මරණ 5යි

Thursday, 10 September 2015 - 12:09

UPDATE%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+-+PSD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+5%E0%B6%BA%E0%B7%92
මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින් පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථයක්, මගී බස් රථ දෙකක ගැටීමෙන් ඊයේ සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ 6 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙම අනතුරේදී ජනාධිපති ආරක්ෂක අංශයේ කාන්තා, පොලිස් කොස්තාපල්වරියක ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූවන් අතර ඩිෆෙන්ඩර් රථය මුහුණට මුහුණලා ගැටුණු බස් රථයේ රියදුරා ද වනවා.

Update: Friday, 11 September 2015 - 07:43
----------------------------------------------------------

මිනුවන්ගොඩ රිය අනතුරේ CCTV දර්ශන - මළ ගෙදරක යමින් සිටි PSD 05ක් මරුට

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින් පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථයක්, මගී බස් රථ දෙකක ගැටීමෙන් අද (10) සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. තුවාල ලැබූවන් අතර ඩිෆෙන්ඩර් රථය මුහුණට මුහුණලා ගැටුණු බස් රථයේ රියදුරා ද වනවා.

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ -  යාගොඩමුල්ල - මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවූ අතර අනතුර සිදුවූ ස්ථානයේදීම පොලිස් පරීක්ෂකවරුන්  දෙදෙනෙකු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ දෙසින් පැමිණි මෙම ඩිෆෙන්ඩර්  රථය පෞද්ගලික මගී බස්  රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක ගැටී තිබෙනවා. පසුව, එය ඉස්සර කිරීමට ගිය බස් රියේද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරුන් 10 දෙනෙකු ඩිෆෙන්ඩර් රථයේ ගමන් කර තිබෙනවා.  

මියගිය අය අතර පොලිස් පරීක්ෂකවරියක් ද සිටින බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ සෙසු පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනා සහ බස් රථයේ රියදුරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහරෝහලට ඇතුළත් කෙරුණා. ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.පී.ඩබ්ලිව්. හේවාවිතාරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තා පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු සිටින බවයි. ඉන් එක් පොලිස් පරීක්ෂකවරයෙකුට හදිසි ශල්‍යකර්මයක් ද සිදුකළ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

මිනුවන්ගොඩ රිය අනතුරේ CCTV දර්ශන


































Update: Thursday, 10 September 2015 - 12:14
----------------------------------------------------------

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ  යාගොඩමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් සිව්දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි. තවත් පිරිසක්  තුවාල ලබා ඇත.  බරපතල තුවාල ලබා සිටි 6 දෙනෙක් ගම්පහ රෝහලට මාරුකර යවා ඇත.

කොළඹ සිට පැමිණි ඩිෆෙන්ඩර් රථයක් පුද්ගලික බසයකට ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව තිබේ. එහි දී විරුද්ධ දෙසින් පැමිණි බසයක ගැටී ඇත. කොළඹ දෙස සිට පැමිණි බස් රථයද හැප්පී ඇත.

ඩිෆෙන්ඩර් රථයේ පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් බව මිනුවන්ගොඩ රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කරයි.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න .......