මහින්ද නිවේදනයකින් චන්ද්‍රිකා ගැන සැරෙන් වගේ කියයි

Thursday, 10 September 2015 - 17:03

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ජනාධිපතිනියව සිටි සමයේ ඉතාම දැඩි මර්දනකාරී ආණ්ඩුවක් ගෙන ගිය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටින්නේ ඇය ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කරමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්දදායකයන්ගේ විශේෂ අවධානය පිණිසයි යන මාතෘකාව යටතේ හිටපු ජනාධිපතිවරයා, මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය පිටු 04 කින් යුක්තයි.

ඇය ‘ද හින්දු’ පුවත්පතට දුන් ප්‍රකාශය පුරාම මාගේ නායකත්වය යටතේ තිබූ නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කරවීමට හැකිවීම ගැන ප්‍රීතිය ප්‍රකාශ කර තිබෙනවා. කරන ලද කුමන්ත්‍රණය තුළ ඇයගේ කාර්යය ගැන විස්තර කර තිබෙන්නේ තලූ මරමින්. නිදහස් පක්ෂයේත්, සන්ධානයේත් ඡන්දදායකයන්ට මහත් ලැඡ්ඡාවක් කිරීමට ඒ කාරණයම වූවත් ප්‍රමාණවත්. මට එරෙහිව තරඟ කිරීමට නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු සොයන විට සොරෙකු හෝ මිනීමරුවෙකු නොවන කිසිවෙක් සොයාගත නොහැකිවීම නිසා ඇය අසීරුවට පත්වු බවද ප්‍රකාශ කර තිබෙනවා. මේ සොරුන් සහ මිනීමරුවන් ලෙස හඳුන්වන්නන් ඇයගේද ආණ්ඩුවේ සිටීම විශේෂත්වයක් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත්, අයථා ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපතිනියට විශාල දඩයක් නියම කර තිබූ බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරනවා. එමෙන්ම රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවලට දරුවන් ඉදිරියේම වදහිංසා පමුණුවා උසාවියේ වරදකරුවන් වූයේ ඇයගේ ආරක්ෂක අංශයේ සාමාජිකයන් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. ඇයගේ ආරක්ෂකයින් අතර සිටි බැද්දගානේ සංජීව නැමැත්තෙකු ගැනත් ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තමන් 2005 දී රට භාර ගන්නා විට නාමිකව නොවුනත්, උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් පැවතුණ බව හිටපු ජනාධිපතිවරයා කියා සිටිනවා. තමන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවා පමණක් නොව රට වේගයෙන් සංවර්ධනය කළ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා දෙස් විදෙස් මාධ්‍යවලට කරන ප්‍රකාශවලින් සිදුවන්නේ අප පක්ෂයට විරුද්ධවාදීන් තවත් ශක්තිමත් වීම පමණයි. ඇය 2005, 2010, 2015 ජනාධිපතිවරණවලදී නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව කටයුතු කළා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් තරඟ කරන ලෙස මගෙන් බොහෝ දෙනා ඉල්ලා සිටියද මම නිදහස් පක්ෂය අතහැර ගියේ නැහැ. එහෙත් හිටපු ජනපතිනිය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ අලියාට ඡන්දය දෙන ලෙසයි.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය නිවේදනය අවසන් කර ඇත්තේ, නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක බවත් දැනටත් මධ්‍යම කාරක සභිකයෙකු බවත් හිටපු ජනාධිපතිනිය අමතක කර ඇති බව පවසමින්.



එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින් :