කැබිනට් ඇමතිවරුවරු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Friday, 11 September 2015 - 7:50

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3++%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වා ඉහළ නැංවීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. අරුණ ලක්සිරි නමැති නීතීඥයෙකු විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපතිවරයායි.

පෙත්සම්කරුවන් කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුව, වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායම් ඇතුලූ අනෙකුත් පක්ෂවලින් සමන්විත විය යුතු බවයි.

එහෙත්, පක්ෂ කිහිපයක් පමණක් එකගතාවට පැමිණීමෙන් පිහිටුවාගත් වත්මන් රජය ජාතික ආණ්ඩුවක් ලෙස හැඳින්විය නොහැකි බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

ඒ අනුව, කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ට වඩා ඉහළ නැංවීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරු කියා සිටිනවා. මේ නිසා, කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 කට වඩා පත් කිරීම වළක්වාලන අතුරු තහනමක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටියා.