වැස්සෙන් කොළඹ මාර්ග හිරවෙයි

Friday, 11 September 2015 - 9:28

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹට ඇතුළුවන සියලු මාරගවල වාහන තදබදයක් හට ගනියි. තද වර්ෂාව ඊට හේතුවී තිබේ. පොලිසිය  පැවසුවේ බත්තරමුල්ල සහ පාර්ලිමේන්තු මාර්ගයේ සිට බොරැල්ල දෙසට වාහන තදබදය දැඩි බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

සවස 04.00න් පමණ පසු මධ්‍යම, ඌව  සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමක් කර තිබේ.

එමෙන්ම දිවයින වටා මුහුදු තීරයේ සුළං ප්‍රවාහයක් වර්ධනය වන අතර ඇතැම් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් කියා සිටියේ.