සම්බන්ධන්ට ෆෙඩරල් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න බැහැ

Friday, 11 September 2015 - 12:12

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
ෆෙඩරල් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායකවරයා ලෙස ආර්.සම්බන්ධන්ට බලයක් හෝ හැකියාවක් නොමැති බව රජය පවසනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් මාන්නප්පෙරුම මේ බව සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  පද්ම උදයශාන්ත, විපක්ෂය නියෝජනය කරමින් ඊයේ බලය දේශපාලන වැඩසටහනට එක්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර සහ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරුන් රජය නියෝජනය කරමින් ඊට එක්වුණා.

විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය පිළිබඳව වැඩසටහනේ එක් අවස්ථාවකදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා සහ පද්ම උදයශාන්ත මන්ත්‍රීවරයා අතර මෙවැනි උණුසුම් සංවාදයක් ඇති වුණා.

[MP3]s116379[/MP3]

 සම්පූර්ණ වීඩියෝව පහතින්