ඇමතිවරු කිහිපදෙනෙක් අදත් වැඩ අල්ලයි

Friday, 11 September 2015 - 13:50

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අද (11) දිනයේදීත් නව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යාංශවල වැඩ භාර ගනු ලැබුවා. අමාත්‍ය රාජිත සේනාරත්න වැඩභාර ගත්තේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදීයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහොන් ලාල් ග්‍රේරු ද අද සිය අමාත්‍ය ධුරයේ වැඩභාර ගත් අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලූ විසඳීමට තමන්ට හැකියාවක් පවතින බවයි.  

මේ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ද අද වැඩභාර ගත් අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මෙන්ම  ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු නියෝජ්‍ය අමාත්‍යවරිය වන අනෝමා ගමගේ ද අද සිය අමාත්‍යාංශවලදී වැඩ භාර ගනු ලැබුවා.