ලූම්බිණියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Friday, 11 September 2015 - 13:32

%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නැවත දැනුම් දෙන තුරු නේපාලයේ ලූම්බිණි සිද්ධස්ථානය වන්දනා මාන කිරීම සඳහා පැමිණිමෙන් වළකින ලෙස එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලාංකික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එරට නව ව්‍යවස්ථාවට එරෙහිව විරෝධතා රැල්ලක් පැන නැගී තිබීම ඊට හේතුවයි. මෙම විරෝධතා හේතුවෙන් ලූම්බිණිය වන්දනා මාන කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු පමණ එහි සිරවී සිටි අතර ඔවුන් අද උදෑසන නැවත ඉන්දියාවට රැගෙනවිත් ඇති බව  නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

මේ අතර, නේපාලයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයේ 00 977 147 20 213 සහ 00 977 147 20 623 යන දුරකතන අංක මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

මාවෝවාදී අරගලය නිසා දශක ගණනාවක් පැවති නේපාල සිවිල් යුද්ධය 2006 වසරේදී අවසන් වූ අතර, ඉන් පසුවයි එහි නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ. එමඟින් මිලියන 28 ක් වෙසෙන නේපාලය ප්‍රාන්ත 07 කට බෙදා වෙන් කෙරෙනවා. නව ව්‍යවස්ථාව මගින් තමන් වෙනත් විශාල ප්‍රාන්තවලට බෙදී යන බවටයි නේපාලයේ දකුණු දිග ප්‍රදේශවල වෙසෙන කුඩා ගෝත්‍රික කණ්ඩායම් චෝදනා කරන්නේ. මේ හේතුවෙන් කත්මණ්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පැවති විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති අතර, පසුගිය සැප්තැම්බර් 06 වනදා පැවති එවැනි විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් 04 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වුණා.