කුරුණෑගල රෝහල අසලින් මළ සිරුරක්

Friday, 11 September 2015 - 15:42

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කුරුණෑගල ශික්ෂණ රෝහල අසළ අපජලය බැහැර කරන ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යායලය සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ පිළිබඳ තොරතුරු ලැබුණු බවයි. මිය ගිය පුද්ගලයා කුරුණෑගල - වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.