හිටපු ඇමති අතාවුදට අවසන් ලියුමත් නිකුත් කෙරේ

Friday, 11 September 2015 - 19:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනෙවිරත්න වසර 17කට ආසන්න කාලයක් පුරා භාවිතා කළ රජයේ නිවසක් භාර දෙන ලෙස ඉල්ලා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔහුට අවසන් ලිපිය නිකුත් කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදෙස් මත හිටපු අමාත්‍යවරයාට ලිඛිතව සහ දුරකථන මාර්ගයෙන් ඒ පිළිබදව දැනුම්වත් කළ බවයි.

මෙම නිවස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිළ නිවාසයක් වන අතර, එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව පිහිටා තිබෙනවා. නිවස භාර දෙන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවස්ථා කිහිපයකදී හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්නට දැනුම් දී ඇති නමුත්, ඔහු විවිධ හේතු දක්වමින් නිවස භාර දීම පැහැර හැර ඇති බව සදහන්. කෙසේ වෙතත්, මෙම නිවස මේ මස අවසන්වීමට ප්‍රථමයෙන් භාර දෙන ලෙස හිටපු අමාත්‍යවරයා වෙත අවසන් දැනුවත් කිරීම සිදුකළ බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න තවදුරටත් කියා සිටියේ. එසේ නොවුණහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ තමත් සබරගමුව පළාත් මහඇමතිවරයාව සිටි සමයේ, 1998 වසරේ දී අදාළ නිවස කුලී පදනම මත ලබා ගත් බවයි. කෙසේ වෙතත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් මෙම නිළ නිවස මේ මස අවසානයේදී ලබාදීමට කටයුතු කරන බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.