UPDATE: සදෙව්මි දැරිය ඝාතනය ගැන දෙමව්පියන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී

Saturday, 12 September 2015 - 10:59

UPDATE%3A+%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය  කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලූ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ එම ප්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත, බුද්ධි නිලධාරින්ද යොදාගනිමින් ඉදිරි පරීක්ෂණ පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර මියගිය දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කොටදෙනියාවේ පදිංචිව සිටි සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතර හමාරක් වයසැති මෙම දැරිය පසුගිය සෙනසුරාදා අලූයම නිවසින් අතුරුදන් වී තිබුණා. ඊට පෙරදින රාත්‍රියේ ඇය මිත්තනිය සමඟ නින්දට ගොස් තිබූ අතර පසුව සොයා බලන විට ඇය නිවසේ නොසිටි බවයි සදෙව්මිගේ පියා ප්‍රකාශ කළේ. පසුව මේ පිළිබඳව කොටදෙනියාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දැරිය සෙවීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා  පොලිස් නිළ සුනඛයන් ද යොදා ගැනුනා. ඒ අනුව සෝදිසි මෙහෙයුමේ නිරත එක් පොලිස් කණ්ඩායමකට ඊයේ උදෑසන නිවසට ආසන්නයේ ඇල ඉවුරක තිබී සදෙව්මි දැරියගේ නිරුවත් මළ සිරුර හමුවුණා.  

කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමව්පියන් මීට වඩා සැළකිලිමත් විය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අංශාධිපති එච්.එම්.ඞී. හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

UPDATE: Monday, 14 September 2015 - 7:49
----------------------------------------------------
කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය ගැන තොරතුරු රැසක්

ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති භෞතික සාක්ෂි සහ විශේෂඥ සාක්ෂි මත පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. මෙම පරීක්ෂණ සඳහා බුද්ධි නිලධාරීන්ගේ ද සහාය ලබා ගෙන ඇති බවයි මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ. ඒ අනුව ඉතා කෙටි කාලසීමාවක් තුළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි එම නිලධාරියා විශ්වාසය පළ කළේ.

කොටදෙනියාවේ පදිංචි සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතර හමාරක් වයසැති මෙම දැරිය ඊයේ අලූයම නිවසින් අතුරුදන් වී තිබුණා. පෙරේදා රාත්‍රියේ ඇය මිත්තනිය සමඟ නින්දට ගොස් තිබූ අතර පසුදින අලූයම සොයා බලන විට ඇය නිවසේ නොසිටි බවයි සදෙව්මිගේ පියා ප්‍රකාශ කළේ. පසුව මේ පිළිබඳව කොටදෙනියාව පොලීසියට ලද පැමිණිල්ලකට අනුව දැරිය සෙවීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. අද පෙරවරුව වන තුරුත් පොලිස් නිළ සුනඛයන් ද යොදා ගනිමින් කොටදෙනියාව ප්‍රදේශය පුරා පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙම සෝදිසි මෙහෙයුමට පොලිස් කණ්ඩායම් 3ක් එක්ව සිටියා.

සෝදිසි මෙහෙයුමේ නිරත එක් පොලිස් කණ්ඩායමකට අද පෙරවරුවේ නිවසට ආසන්නයේ ඇල ඉවුරක තිබී සදෙව්මි දැරියගේ නිරුවත් මළ සිරුර හමුවුණා.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර හෙට දිනයේ මීගමුව මහරෝහලේදී මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.



Update : Sunday, 13 September 2015 - 19:20
--------------------------------------------------
අතුරුදන්වූ කොටදෙණියාව දැරියගේ නිරුවත් සිරුර නිවස අසල ඇළ ඉවුරක

ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව - ප්‍රදේශයේදී අතුරුදන් වූ දැරියගේ නිරුවත් මළ සිරුර ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇළ ඉවුරක තිබී පොලිසිය අද (13) පෙරවරුවේ සොයා ගත්තා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ මරණය ඝාතනයක් දැයි සෙවීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පෙරේදා රාත්‍රියේ සිය මිත්තණිය සමග නිදා ගැනීමට ගොස් ඇති අතර ඊයේ (12)  අලූයම සොයා බැලීමේදී ඇය එම ස්ථානයේ සිටියේ නැහැ. ඒ පිළිබඳව ඇයගේ පියා කොටදෙණියාව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා. ඒ අනුව ඊයේ දිනයේ පොලිස් සුනඛයන් යොදා, විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කළේ. අතුරුදන් දැරිය සොයා අද පෙරවරුවේ ද මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ඒ අනුවයි පොලිසියට දැරියගේ මළ සිරුර ඇළ ඉවුරක තිබී හමුවී ඇත්තේ.



වීඩියෝ - ජයන්ත - මිනුවන්ගොඩ

Update : Sunday, 13 September 2015 - 12:20
--------------------------------------------------
කොටදෙණියාව පෙර පාසල් දැරියගේ සිරුර හමුවෙයි

ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු හතරහමාරක් වයසැති දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ පිහිටි අකරන්ගහ පන්සල පිටුපස බෝගහ අසල තිබී මීට ටික වෙලාවකට පෙර සොයා ගෙන තිබෙනවා.

මෙම දැරිය පෙරේදා රාත්‍රියේ සිය මිත්තණිය සමග නිදා ගැනීමට ගොස් ඇති අතර ඊයේ (12) අලූයම සොයා බැලීමේදී ඇය එම ස්ථානයේ සිටියේ නැහැ. ඒ අනුව, පොලිස් නිල සුනඛයන් යොදා මෙම දැරිය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.

Update : Sunday, 13 September 2015 - 09:52
---------------------------------------------------------
කොටදෙනියාවේ දැරිය සොයා අද (13)ත් මෙහෙයුම්



අතුරුදන් වූ ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාව ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරිය සොයා අද (13) දෙවන දිනටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සෝදිසි මෙහෙයුම් සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 03 ක් යොදවා ඇති බවයි.

මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහයද ලබාගෙන තිබෙනවා.

මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති අතර, ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Update : Sunday, 13 September 2015 - 07:33
--------------------------------------------------

කොටදෙනියාවේ සදෙව්මි - තවම නෑ

අතුරුදන් වූ ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාව ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදාගෙන ඇති බවයි මීගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ. දැරිය සෙවීමේ මෙහෙයුම් සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර මේ වනතුරුත් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති මෙම දැරිය ඊයේ (11) රාත්‍රියේ මිත්තණිය සමඟ නිදා ගැනීමට ගොස් ඇති අතර අද (12) අලූයම සොයා බැලීමේදී ඇය නිවසේ නොසිටි බවයි දැරියගේ පියා වන උපුල් නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. දැරියගේ පියා පවසන්නේ තමන්ට මෙම සිද්ධිය පිළිබඳව කිසිවෙකුත් ගැන සැකයක් නොමැති බවයි.



Update : Saturday, 12 September 2015 - 19:18
------------------------------------------------------------
ගම්පහ - කොටදෙනියාවේ පෙර පාසල් දැරියක් නිවසින් අතුරුදන්

ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාව ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරියක් අද අලූයම සිට අතුරුදන් වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති මෙම දැරිය ඊයේ රාත්‍රියේ මිත්තණිය සමඟ නිදා ගැනීමට ගොස් ඇති අතර අද අලූයම සොයා බැලීමේදී ඇය නොසිටි බවයි පියා පොලීසියට දැනුම් දී ඇත්තේ.