එක්නැලිගොඩ සිද්ධියේ පරීක්ෂණවලට හමුදාවෙන් බාධාවක් නැහැ

Saturday, 12 September 2015 - 13:58

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා යුද හමුදාවෙන් පූර්ණ සහාය ලබාදෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළා. එම පරීක්ෂණවලට යුද හමුදාව බලපෑම් සිදුකරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අත්අඩංගුවේ පසුවනවා. ඊට යුද  හමුදාවේ ලූතිනන් කර්නල්වරයෙකු, මාණ්ඩලික සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු මෙන්ම විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු ද ඇතුළත්. මෙම සැකකරුවන් 6 දෙනාම තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

මේ අතර, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය ලබාදුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයාගෙන් ද ප්‍රශ්න කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.