Update: කෙසෙල් වත්තේදී දෙපිරිසක් ගැටේ - 6ක් රෝහලේ

Saturday, 12 September 2015 - 14:40

Update%3A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+-+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර අද (12)  දහවල් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 06 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. කාන්තාවන් තිදෙනෙකුද ඒ අතර වන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අද (12) දහවල් 12.30 ට පමණ කෙසෙල්වත්ත අධිකරණ මාවතේ, සාංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. ඉන් පසුව දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති බවයි කෙසෙල්වත්ත පොලිසිය ප්‍රකාශ කළේ.

පහරදීමට පැමිණ ඇත්තේ මෝදර - මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. කලක සිට පවතින ආරවුලක් හේතුවෙන්  ගැටුම ඇති වී තිබෙන බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත්, මේ වනතුරුත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.



Update : Saturday, 12 September 2015 - 19:23
-----------------------------------------------------------
කෙසෙල්වත්තේ දී ඇති වූ ගැටුමකින් 7 ක් රෝහලේ

කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද දහවල් 12.30ට පමණ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි. රෝහල් ගත කළ පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු වනවා. එක් පිරිමි පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.