Update: ජම්පටාවීදිය වෙඩි ප්‍රහාරයේ සැකකරු හඳුනාගනී

Sunday, 13 September 2015 - 8:40

Update%3A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොටහේන - ජම්පටාවීදිය - 131 වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ 44 හැවිරිදි කාන්තාවක් මියගියා.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අපරාධ කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි.


Update : Sunday, 13 September 2015 - 12:20
--------------------------------------------------

 ජම්පටා වීදියේ වෙඩි තැබීම අපරාධ කල්ලි අතර ගැටුමක්

කොටහේන - ජම්පටාවීදියේ - 131 වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගියේ ජම්පටාවීදිය ප්‍රදේශයේම පදිංචිව සිටි  44 හැවිරිදි කාන්තාවක්.

නිවස ඉදිරිපිටදී  කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවු ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක උණ්ඩ කොපු කිහිපයක්ද හමුවී ඇති බව පොලිසියපැවසුවා.

 වෙඩි තැබූ පුද්ගලයා පැමිණ ඇත්තේ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කෙරෙන හිස්වැසුමක් පැළඳගෙනයි. මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අපරාධ කල්ලි දෙකක් අතර, කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි.

 මියගිය කාන්තාවගේ සැමියා මේ වනවිටත් අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි වාර්තා වන්නේ.