අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. - ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික්

Sunday, 13 September 2015 - 19:19

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%93%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළ සීපා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ ද අද ප්‍රකාශ කළා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සදහන් කළා.

සීපා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාදයක් ඉල්ලීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ ද පසුගිය දා ප්‍රකාශ කළා. ඒ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට පසුගිය දා පැවැති එම ගිවිසුම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීම හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදුනොවන බවයි.

ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබාදෙමින් පසුගිය මැතිවරණය හමුවේ කඩා වැටුණු තම දේශපාලන ප්‍රතිරූප යළි ගොඩනගා ගැනීමේ බංකොලොත් උත්සාහයක කණ්ඩායම් කිහිපයක් යෙදී සිටිනවා.

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලනඥයන් ලොව රටවල් සමඟ විවිධ ගිවිසුම්වලට එළඹුණේ රට වෙනුවෙන් නොව තම ප්‍රතිලාභ වෙනුවෙන් පමණයි. ඇතැමුන්ට මාළිගා තනන්නටත්, ඒ වෙනුවෙන් ලක්ෂ දෙක තුනක විදුලි බිල් මාසිකව ගෙවන්නටත් හැකියාව ලැබුණේ ඒ නිසාවෙන්. තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට මුල් තැන දුන් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද මෙම දේශපාලනඥයන්ට මුදල් ලබාදෙමින් ජනතාව රැවටීමේ කටයුතුවලට අනුග්‍රහය දක්වනව බව අමාත්‍ය මලික් සමරවික්‍රම නිකුත් කළ නිවේදනයේ සදහන්.

නව ලෝකයේ ප්‍රවණතා අනුව වත්මන් රජය ජාත්‍යන්තර වෙළද ගිවිසුම්වලට එළඹෙන්නේ දේශය ඉහළට ඔසවා තබමින් දේශීය ආර්ථිකය ගොඩනගමින් පමණයි. එම නිසා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීම හෝ පිළිබද සාකච්ඡා කිරීමක් සිදුනොවන බවයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම සදහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පූර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුමට සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2003 වසරේයි. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා වෙළඳාම, දේශසීමා බාධාවකින් තොරව රැකියාවල නියැලීමේ අයිතිය, ආයෝජන, ගුවන් සේවා සහ රේගු සේවා ආදී අංශ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබුණා.