Update: අගමැති ඉන්දියාව බලා පිටත් වෙයි

Monday, 14 September 2015 - 13:10

Update%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරු 2.20ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 ගුවන් යානයෙන්. අග්‍රාමාත්‍යවරයා සමඟ 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ධුරයට පත්වීමෙන් පසු යෙදෙන පළමු විදෙස් සංචාරය මෙයයි. දින දෙකක් ඉන්දියාවේ රැදී සිටින අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුලූ එරට නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Monday, 14 September 2015 - 14.40
.......................................................................

අගමැතිවරයා පිළිගැනීමට නවදිල්ලියේ සියලූ කටයුතු සූදානම්

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ ධූත පිරිස පිළිගැනීම සඳහා මේ වනවිට නවදිල්ලි නුවර සියල්ල සූදානම්. අද පස්වරු 5 යි 45 ට පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට ළඟාවීමට නියමිතයි. එම ස්ථානයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපලේ පිවිසුම අසළ අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සංචාරය සිදුකරන්නේ. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුලූ තවත් නායකයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමෙන් පසුව ඔහු සහභාගිවන ප්‍රථම විදෙස් නිල සංචාරයද මෙය වනවා.