ටෝනි ඇබට් ගෙදර යයි

Monday, 14 September 2015 - 20:37

%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස එරට ලිබරල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන මැල්කම් ටර්න්බුල් තේරී පත්ව තිබෙනවා. ඒ, ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා වූ ඡන්ද විමසීමේදී  ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති ටෝනි ඇබට් පරාජය වීම හේතුවෙන්. එහිදී මැල්කම් ටර්න්බුල් හට ඡන්ද 54ක් ලැබී ඇති අතර, ටෝනි ඇබට් වෙත ඡන්ද 44ක් හිමිව තිබෙනවා. පක්ෂයේ නව උපනායිකාව ලෙස පත්ව ඇත්තේ  හිටපු අගමැතිනී ජූලි බිෂොප්.