Update : ශ්‍රී ලංකාවේ නව නායකත්වය පිළිබඳ ඉන්දීය අගමැතිගෙන් අපේක්ෂා

Tuesday, 15 September 2015 - 7:47

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F
ශ්‍රී ලංකාවේ නව නායකත්වය මගින් සියලූ ජාතීන්ට එක ලෙස සලකන සැබෑ සංහිඳියාවක් අපේක්ෂා කළ හැකි බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි පවසනවා. ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමඟ හයිද්‍රාබාද් නුවර අද පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙරට පාර්ලිමේන්තුවේ සියලූම කොටස්වලට වගකීම් ලබාදී ඇති බවයි.

1956 වසරේ සිට බලය ලබාගැනීම සඳහා තරඟ වැදුනු පක්ෂ දෙකක් දැන් ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයටද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණටද හිමිව තිබීම විශේෂත්වයක්. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පාලනය සඳහා එක් කරගැනීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර තිබෙනවා.                

 ඒකීය ශ්‍රී  ලංකාවක් තුළ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බලය බෙදාහරින්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ.

 මේ අතර, දෙරට අතර අවබෝධතා ගිවිසුම් 04 කටද අත්සන් තැබුණා.

ඒ අනුව අත්සන් තැබුණු පළමු ගිවිසුම වන්නේ සාර්ක් කලාපීය චන්ද්‍රිකා සන්නිවේදන හුවමාරු සහයෝගීතාවයි. ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් මෙරට කුඩා කර්මාන්ත සංවර්ධන වැඩසටහන යළි පණ ගැන්වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුවා. එමෙන්ම, වව්නියාව දිසා රෝහලට ඇඳන් 200 කින් සමන්විත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ලබාදීම මෙන්ම මෙරට ගිලන් රථ සේවාවක් ඇති කිරීම සඳහාද ගිවිසුම් දෙකකට එළැඹ තිබෙනවා.

අද (15) පෙරවරුවේ ශ්‍රී  ලංකා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මුණ ගැසී සාකච්ඡා කළා. මීට අමතරව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිද හමුවී සාකච්ඡාකර තිබෙනවා.



Update : Tuesday, 15 September 2015 - 18:49
------------------------------------------------------
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම් 4කට අත්සන් තබයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නවදිල්ලියේ අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට ද අත්සන් තැබුණා. අදාළ ගිවිසුම් අත්සන් තැබීම සඳහා විදේශ කටයුත අමාත්‍ය මංගල සමරවීර සහ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා ද එක්වී තිබෙනවා. දෙරට අතර අත්සන් තැබුණු පළමු ගිවිසුම වන්නේ සාක් කලාපීය චන්ද්‍රිකා සන්නිවේදන හුවමාරු සහයෝගීතාවයි. ඉන්දියානු අනුග්‍රහයෙන් මෙරට කුඩා කර්මාන්ත සංවර්ධන වැඩසටහන යළි පණ ගැන්වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඇදන් 200කින් සමන්විත වව්නියාව දිසා රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා මෙන්ම මෙරට හදිසි ගිලන් රථ සේවාවක් ඇති කිරීම සඳහා ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද ගිවිසුම්වලට අත්සන් කළා.

Update : Tuesday, 15 September 2015 - 15:04
----------------------------------------------------
අග්‍රාමාත්‍ය සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා ඇරඹේ

තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන මුණ ගැසුණා. ඒ, නවදිල්ලියේ හයිද්‍රාබාද් නිවසේදියි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට අද දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධාන කර තිබුණා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ ද ද්වි පාර්ශවික සාකච්ඡාවක නිරත වුණා. එහිදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

Update : Tuesday, 15 September 2015 - 12:37
----------------------------------------------------
අග්‍රාමාත්‍ය රනිල් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවෙයි

තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ එරට විදේශ අමාත්‍යවරිය හමුවීමට නියමිතයි. ඊයේ ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගත්තේ ඉන්දීය වාණිජ සහ කර්මාන්ත ඇමතිනී නිර්මලා සීතාරාමන් විසින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුලූ එරට නායකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පවත්වන අතර, ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය රජයේ බලශක්ති අමාත්‍ය පියුෂ් ගොයාල්, නාවික සහ ප්‍රවාහන අමාත්‍ය නිතින් ගත්කාරි, දුම්රිය අමාත්‍ය සුරේෂා ප්‍රාභු, ඛනිජ තෙල් අමාත්‍ය ධර්මේන්ද්‍ර සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද මුණ ගැසීමට නියමිතයි. ඊට අමතරව කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක නිරත වනු ඇති.