Update :සඳෙව්මි අවසන් ගමන් යයි - ගම්මු නිවස වටකර.. ඉල්ලයි..

Tuesday, 15 September 2015 - 7:51

Update+%3A%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94++%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%80%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB..+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92..
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතන සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගත හැකිවන බවයි.

කෙසේ වෙතත් දැරිය ඝාතනය කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු නොව ඇය හොඳින්ම දන්නා, හඳුනන කෙනෙකු විසින් බවට පොලීසියට දැන් සැක මතුව තිබෙනවා. දැරිය නිවසෙන් රැගෙන යන මොහොතේ කෑගැසීමක් සිදු නොකළේ ඒ නිසාවෙන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.



දිවුලපිටිය - කොටදෙණියාව - බඩල්ගම පදිංචිව සිටි  දැරිය පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසේ නිදා සිටියදී අතුරුදන්වී තිබුණා. නිවැසියන් සිදුකළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ගේ සහයද ඇතිව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි පෙරේදා පෙරවරුවේ දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ඇල ඉවුරක තිබී සොයාගනු ලැබුවේ.

මළසිරුර හමුවූ ස්ථානයේ තිබී භෞතික සාධක රැසක් සොයාගැනීමට මේ වනවිට පොලීසිය සමත්ව තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී දැරියගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර එමඟින් අනාවරණ වුණේ  කුඩා දැරිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කර ඇති බවටයි. දැරියගේ සිරුරෙන් ලබාගත් කොටස්ද මේ වනවිට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.  

මේ අතර මෙම ඝාතනය පිළිබඳව දැරියගේ පවුලේ උදවිය ඇතුලූ පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි කොටදෙණියාව පොලිසිය පැවසුවා. මූලික පරීක්ෂණ නිගමනයන්ට අනුව සැකකරන්නේ දැරිය ඝාතනය කර සිරුර හමුවූ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි.

මේ අතර සේයා සදෙව්මි දැරියගේ ඝාතකයාට නිසි දඩුවම් ලැබෙන තුරු තමන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ සිය අමාත්‍යාංශයේදී අද වැඩභාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

UPDATE ----------------------------------------------
 
සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීන් 500කට ආසන්න පිරිසක් දැරියගේ නිවස වටකරයි. අපරාධය සිදු කර ඇත්තේ ළඟම ඥාතියෙකු බවට පොලිසිය සැක කරන්නේනම් සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අවධාරණය කරයි.

මේ අතර දැරියගේ නිවස  හා ප්‍රදේශයේ ආරක්ෂාවට  අමතර පොලිස්  සාමාජිකයින් කැඳැවා ඇති බව පොලිසිය  කියයි.

රටම කම්පාවට පත්කරමින් - බරපතල ලිංගික අපයෝජනයට ලක්ව ඝාතනය වූ සේයා සදෙව්මි පුංචි දියණියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, බඩල්ගම - අකරන්ගහ පොදු සුසානභූමියේදියි. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දැරියගේ අවසන් කටයුතු සිදුවූ බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.



Update : Tuesday, 15 September 2015 - 17:20
------------------------------------------------------

උපන්දිනයට පෙර දා අවසන් ගමන් යන පුංචි සදෙව්මි

රටම කම්පාවට පත්කරමින් ඝාතනයට ලක්ව තිබූ සේයා සදෙව්මි පුංචි දියණියගේ අවසන් කටයුතු අද දින සිදුකිරීමට නියමිතයි. සදෙව්මිගේ නිසල දේහය මේ වන විට  නිවසට ගෙනවිත් තිබෙනවා.

ප්‍රදේශවාසීන් මෙන්ම අසල්වාසීන් රැසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණෙමින් සිටිනවා. ඔවුන්ට මෙම සිදුවීම ගැන තවමත් සිතාගැත නොහැකියි. පුංචි සදෙව්මිගේ දේහය දකින බොහෝ දෙනෙකුගේ දෑසට කඳුලක් නැගෙන්නේ මෙවන් අකල් මරණයක් මින්මතුවට කිසිවෙකුට සිදු නොවන්නටැයි ප්‍රාර්ථනා කරමිනුයි.



Update : Tuesday, 15 September 2015 - 16.20
-------------------------------------------------
සදෙව්මි දැරියගේ ඝාතනයට තුන්දෙනෙක් සැකයි

කොටදෙනියාවේ සදෙව්මි දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.  

දිවුලපිටිය - කොටදෙනියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචි සේයා සදෙව්මි දැරිය පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසේ නිදා සිටියදී අතුරුදන් වී තිබුණා. නිවැසියන් සිදුකළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ගේ සහාය ද ඇතිව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි පෙරේදා පෙරවරුවේ දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ඇල ඉවුරක තිබී සොයා ගනු ලැබුවේ.

මළ සිරුර හමුවූ ස්ථානයේ තිබී භෞතික සාධක රැසක් සොයා ගැනීමට මේ වන විට පොලීසිය සමත් වී තිබෙනවා. මේ අතර, ඊයේ දිනයේ දැරියගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණා. එමගින් අනාවරණය කළේ මෙම කුඩා දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවටයි. දැරියගේ සිරුරෙන් ලබාගත් අංශු කොටස් මේ වන විට ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එම පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කරමින් සිටින්නේ.

මේ අතර, මෙම ඝාතනය පිළිබඳ දැරියගේ නිවැසියන් ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි කොටදෙනියාව පොලීසිය ප්‍රකාශ කළා. මූලික පරීක්ෂණ නිගමනයන්ට අනුව සැක කරන්නේ දැරිය ඝාතනය කර සිරුර හමුවූ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ නිශ්චිතවම සේයා සදෙව්මි දැරිය ඝාතනයේ සැකකරුවන් අනාවරණ කිරීමට හැකි වනු ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පරීක්ෂණ කණ්ඩායම් මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු වැඩිදුරටත් සදහන් කළා.

ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ දේහය මේ වන විට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ  දිවුලපිටිය - අකරන්ගහ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Update : Tuesday, 15 September 2015 - 12.37
-------------------------------------------------

ඝාතනයට ලක්වූ කොටදෙනියාවේ දැරියගේ අවසන් කටයුතු අද

බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කර තිබූ දිවුලපිටිය - කොටදෙණියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දිවුලපිටිය - අකරන්ගහ පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. දැරියගේ දේහය ඊයේ පස්වරුවේ පවුලේ ඥාතීන්ට භාර දී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ රෙදි පටියකින් ගෙළ සිරකර දැරිය ඝාතනය කර ඇති බවට ද එහිදී කරුණු හෙළි වූ බවයි. මීගමුව මහරෝහලේදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන්.රාහුල් හක් විසින්. දැරියගේ දේහය සොයා ගත් ස්ථානයේ තිබී ඝාතනයට අදාළ භෞතික සාක්ෂි කිහිපයක් හමුවී ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.

කොටදෙණියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය පසුගිය 12 වනදා රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර තිබුණේ ඇගේ සීයා විසින්. අතුරුදන් වූ දැරිය සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය ප්‍රදේශය පුරා මෙහෙයුම් සිදුකළා. සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පෙරේදා උදෑසන පොලිස් කණ්ඩායමක් සොයා ගනු ලැබුවේ ඇගේ නිවස ආසන්නයෙන්ම ගලා යන ඇළ මාර්ගයක ඉවුරක තිබියදීයි. නිවසේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය ඊට පෙර දිනයේත් දැඩි පරීක්ෂාවට ලක් වී තිබුණා. දැරිය පැහැර ගත් පුද්ගලයා ඇයව ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක ද නිරත වුණා.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
Update : ඝාතනයට ලක්වූ කොටදෙනියාවේ දැරිය බරපතල ලිංගික අපයෝජනයකටත් ලක්වී ඇතැයි හෙළි වේ