යළි කරළියට පැමිණි රතුපස්වල

Tuesday, 15 September 2015 - 13:27

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD
රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයට අදාළව අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්වුණා. ඒ, එම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියට අණදුන් බව කියන යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

මේ අතර හල්ඔලූව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ද අද උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තය ඉදිරිපිට  බුදුපිළිමය ආසන්නයේ උපවාසයක් ආරම්භ කළා. රතුපස්වල ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හමුදා බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකිරීම එහි අරමුණයි. මීට පෙරද රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් විරෝධතා පළ කළ සියනෑ ජලය සුරැකීමේ ජනනැගුම සංවිධානය එම උපවාසයද සංවිධානය කර තිබුණා.   

කෙසේ වෙතත් රජයේ නියෝජිත පිරිසක් පැමිණ මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන බවට පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව උපවාසය අවසන් වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර රතුපස්වල ජල උද්ඝෝෂණයේදී වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට අද පෙරවරු 11.35ට කටාර් ගුවන් සේවයට අයත්  යානයකින් දිවයිනට පැමිණී බව ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළා.

Update : Tuesday, 15 September 2015 - 18:47
------------------------------------------------------
රතුපස්වල සිද්දියේ හමුදා බ්‍රිගේඩියර් දිවයිනට

රතුපස්වල ජල ගැටළුව පිළිබඳ සිද්ධියේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා. එලෙස චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන පෙරවරු 11.35ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන, තුර්කියේ ශ්‍රීර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පසුගිය රජය මගින් පත් කරනු ලැබුවා. මොහු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ගල්ඔලූව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන්  ගුවන් තොටුපළ පරිශ්‍රයේ උපවාසයක ද නිරත වුණා.