UPDATE: බසය ත්‍රිරෝදයේ ගැටී - මවක හා දරුවන් දෙදෙනෙකු මියයයි - දරුවෙකු දැඩි සත්කාරයේ

Tuesday, 15 September 2015 - 17:35

UPDATE%3A+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A++%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අද (15) පස්වරුවේ සිදුවූ අනතුරකින් මවක සහ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, තුවාල ලැබූ කුඩා දරුවෙකු ප්‍රතිකාර ලබන්නේ කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

අනතුරෙන් මියගිය එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ මවගේ දරුවෙකු වන අතර අනෙක් දරුවා වෙනත් පවුලක අයෙක්.



Update : Tuesday, 15 September 2015 - 18:42
------------------------------------------------------

 බසය ත්‍රිරෝදයේ හැපෙයි - මවක හා දරුවන් දෙදෙනෙකු මියයයි

බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මවක හා කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි. පොලිසිය පැවසුවේ ඉඳුරුව ගාලු පාරේ දී අනතුර සිදුව ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසක්.