වේයන්ගොඩ සහ මුලතිව් හි අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය යයි

Wednesday, 16 September 2015 - 8:52

%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වේයන්ගොඩ - නයිවල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 18 හැවිරිදි තරුණියක තුවාල ලබා තිබෙනවා. ඔවුන් වේයන්ගොඩ - මාළිඟාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ අතර, මුලතිව් - මල්ලාවි ප්‍රදේශයේදී ද යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.