පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල කරන්න හැදූ 15වේ කොල්ලා මාට්ටු

Wednesday, 16 September 2015 - 10:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+15%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අවුරුදු 15ක බාල වයස්කාර පිරිමි දරුවෙකු ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, දින දෙකක සංචාරයක් සඳහා ඉදිරි දිනවලදී පාප් වහන්සේ මෙම ප්‍රාන්තයට පැමිණීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. අත්අඩංගුවට ගත් බාල වයස්කරු ළඟ තිබී බෝම්බ සහ ආයුධ සොයාගෙන තිබෙනවා. ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උදව් කිරීම මෙම බාල වයස්කරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. කෙසේ වෙතත්, මොහු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.