Update: ඉන්දිය ආයෝජක සමුළුවක් ශ්‍රී ලංකාවේ

Wednesday, 16 September 2015 - 17:23

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ඉන්දියාවේ සිදුකළ තුන්දින නිල සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ඉන්දීය ගුවන් සමාගමට අයත් ඒ.අයි. 275 දරණ යානයෙන් හෙතෙම  දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දිය ආයෝජක සමුළුවක් ශ්‍රී ලංකාවේ

අග්‍රාමාත්‍යවරයාගේ තුන්දින සංචාරයේ අවසන් දිනය වූ අද දිනයේ  ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සහ එරට මුදල් අමාත්‍ය අරූන් ජෙයිට්ලි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා  පවත්වනු ලැබුවා.

ඉන්දියානු ආයෝජකයින්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් ශ්‍රී ලංකාවට ගෙන්වා සමුළුවක් පැවැත්වීම පිළිබඳවද ඉන්දීය මුදල් අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යෝජනා කර තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට සහභාගි වී සිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමට උපදෙස් ලබාදී ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසටයි. 




Update : Wednesday, 16 September 2015 - 18:49
----------------------------------------------------------

අගමැති ඉන්දීය සංචාරය නිමවා යළි  දිවයිනට

දින දෙකක නිල සංචාරය නිමවා අගමැති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණෙයි. ඉන්දීය ගුවන් සේවයට අයත් AI 275 යානයෙන් නවදිල්ලි නුවර සිට පස්වරු 4.45 ට අග්‍රාමාත්‍යවරයා පැමිණි බව ගුවන්තොටුපොළ අප වාර්තාකරු පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ගුවන්හමුදා හෙලිකොප්ටෙර් මගින් කොළඹට පැමිණෙමින් සිටී.