ජනපති ‘‘පරිසරය’’ ගැනීමට හේතුව

Wednesday, 16 September 2015 - 19:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E2%80%98%E2%80%98%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E2%80%99%E2%80%99+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ගෙවීගිය දශක කිහිපයේ පරිසර සංරක්ෂණයේදී දේශපාලනඥයින් සිය වගකීම නිසිලෙස ඉටුකර නොමැති නිසා තමන් පරිසර සංරක්ෂණ අමාත්‍ය ධුරය භාරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ව්‍යාපාරිකයින්ගේ සහ ඇතැම් දේශපාලනඥයින්ගේ බලපුළුවන්කාරකම් හේතුවෙන් මෙරට ස්වභාවික පරිසරය විනාශ වී ඇති බවයි.

අද (16) ට යෙදී තිබෙන  ඕසෝන් දින ජාතික සැමරුම් උත්සවයට මොරටුව ලංකා -ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.