Update : ගල් බැම්මක් කඩාවැටී සිසුවෙකු මරුට (ඡායාරූප)

Wednesday, 16 September 2015 - 22:47

Update+%3A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පාසල් ඇරී නිවසට පැමිණෙමින් සිටි සිසුවෙකු නිවස ඉදිරිපිට පිහිටා තිබූ ගල් බැම්මකට යටවී මියයෑමේ පුවතක් නාවලපිටිය - බහුවාගම - ඉඹුල්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවනවා. අනතුරෙන් මියගියේ නාවලපිටිය - කදිරේෂන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ 9 හැවිරිදි පාසල් සිසුවෙක්. නිවසට පිවිසෙන පියගැට පෙළත් සමඟ මෙම ගල් බැම්ම පිහිටා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ බැම්ම පිහිටා තිබූ පස් තට්ටුව බුරුල් වී පහළට ඇද වැටී ඇති බවයි සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Update : Thursday, 17 September 2015 - 8:41
------------------------------------------
නිවස ඉදිරිපිට ගල් බැම්මක් කඩාවැටී පාසල් සිසුවෙකු මරුට

පාසැල්හැරී නිවසට පැමිණෙමින් සිටි සිසුවෙකු නිවස ඉදිරිපිටවූ ගල් බැම්මකට යටවී මියගොස් ඇති බව නාවලපිටිය පොලීසිය පවසනවා. මියගොස් ඇත්තේ නාවලපිටිය බව්වාගම පදිංචිව සිටි  හිරුචන්ද්‍රන් කෝකිල ශ්‍රීලන් නැමති අවුරුදු 9ක සිසුවෙක්.

නාවලපිටිය කදිරේෂන් දමිළ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසුවා පාසැල හැරී අද (16) පස්වරු 3.30 ට පමණ නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසට පිවිසෙන පියගැට පෙළත් සමගම  ගල් බැම්ම ගැලවීගොස් ඊට යටවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩගෙන රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටිබව නාවලපිටිය පොලීසිය පවසනවා.

මියගිය සිසුවාට තවත්  සොහොයුරෙක්  සිටින අතර - පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන්නෙක්.

 අනතුර සිදුවන අවස්ථාවේ මව නිවසේ සිට ඇත.

 නාවලපිටිය ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමග ගල්බැම්ම බුරුල්වී කඩාවැටෙන්නට ඇති බව ප්‍රදේශවාසීන්  පවසනවා.
























 (ඡායාරූප  හැටන් - රංජිත් රාජපක්ෂ)