Update : කොටදෙණියාවේ අපරාධය ගැන තුන්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරයි

Thursday, 17 September 2015 - 7:07

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. පරීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙතෙක් ලැබී ඇති සාක්ෂි පදනම් කරගනිමින් අඛණ්ඩව මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

මේ අතර ඊයේ පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයට අනුව රහස් පොලීසියේ විමර්ශන කණ්ඩායම් 3 ක් කොටදෙණියාව ප්‍රදේශය වෙත පිටත්ව ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද දහවල් වනවිට ඝාතනය සම්බන්ධයෙන් තවත් සාක්ෂි රැසක් අනාවරණ වී ඇති බවයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ දිනයට වයස අවුරුදු 5 සම්පූර්ණ වීමට නියමිතව තිබූ සේයා සදෙව්මි දැරිය පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසින් අතුරුදන්වූ අතර, ඇයගේ මළ සිරුර ඊට දින දෙකකට පසු නිවස ආසන්නයේ ඇළ ඉවුරක තිබී හමුවුණා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මෙන්ම පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කළේ බරපතල ලිංගික අපයෝජනයට ලක් කර දැරිය ඝාතනය කර ඇති බවටයි.

පෙරේදා දැරියගේ දේහය මිහිදන් කළ අතර එදින නිවසට රැස්වූ අතිවිශාල ජනතාවක් ඝාතකයන්  කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් විරෝධතා පළ කළා. කොටදෙණියාව ප්‍රදේශයේ උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වුණු අතර ඉන් පොලීසියට බලකර සිටියේ සේයා ඝාතනයේ සැකකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසයි.

Update : Thursday, 17 September 2015 - 12:59

--------------------------------------------------------
සේයා සඳෙව්මිගේ ඝාතනය- අසල්වැසි තරුණයා දැනගෙනද ? 


දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ  ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

 දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් - ඝාතනයට ලක්වූ සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්ත කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් මෙම ඝාතනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

මේ අතර දැරියගේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකරන ලෙස  මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ ඊයේ (16) පොලිසියට නියෝග කළා.
 
පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි. පසුව මූලික පරීක්ෂණවලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි. ඝාතනයට ලක්වු සේයා සදෙව්මි දැරියගේ 05 වන උපන්දිනයද ඊයේ (16) යෙදී තිබුණා.

Update : Thursday, 17 September 2015 - 07:33
----------------------------------------------------------

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වාසී තරුණයෙකුගෙන්  ප්‍රශ්නකරයි.   ඊයේ පස්වරුවේ අදාළ තරුණයාගෙන් ප්‍රශ්නකිරීම ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දැරියගේ ඝාතනය පිළිබඳ විමර්ශන භාරගෙන තිබේ. ඒ අනුව මේ වනවිටත් තිස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් තොරතුරු ලබාගෙන ඇත. ඊට  මව,පියා, සීයා සහ ආච්චී ද ඇතුළත්.

දිවුලපිටිය - කොටදෙනියාවේදී අපයෝජනයට ලක්කර ඝාතනය කළ සේයා සදෙව්ම් දැරියගේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විකෘති කාම ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයෙකු ඝාතනය සිදුකර ඇති බවට සැක මතු වී තිබෙනවා.

පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි.

පසුව මූලික පරීක්ෂණවලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.

 ඝාතනයට ලක්වු සේයා සදෙව්මි දැරියගේ 05 වන උපන්දිනය යෙදී තිබුණේ ඊයේ (16) යි.